nalin-bandara-speaks

සමගි ජන බලවේගපාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ සඳහන් කළේය.

 "අපි දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවේ අයටයි, එක්සත් ජාතික පක්ෂයේ අයටයි ආරාධනා කරනවා එකතුවෙලා වැඩ කරන්න කියලා. මේක එක්සත් ජාතික පාක්ෂිකයන්ට කරපු අගෞරවයක් ලෙස තමයි මම දකින්නේ. මොකද රට අද මෙතනට පත්කරන්න දායක වුණු පොහොට්ටුව සමග අද  ඡන්දදායකයෝ නෑ. පොහොට්ටුව කියන ඡන්ද ලකුණ අද ප්‍රතික්ෂේපකරලා තිබෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අද සමගි ජන බලවේගයඑක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ රට නිවැරදි දිසාවට අරන් යන්න අපිත් එක්ක එකතු වෙන්න.

අපි හැමදාමත් ඉන්නේ හරි තැන. අපිටබලය කියන කාරණය වැදගත් වෙන්නේ නිවැරදිව ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් ඇතුළේවිතරයි. අපි දැක්කා මේ රටේ පාලකයෝ හැමදාම බලයට පත්වුණේ අර්බුද නිර්මාණය කරලා.


ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට එන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරය නමැති බරපතළ ත්‍රස්ත ක්‍රියාව නිර්මාණය කරපු, ඒකට සම්බන්ධ වුණු පසුබිමක කියන සැකය අදටත් ජනතාවට තිබෙනවා. ජාතිවාදය, වර්ගවාදය, ආගවාදය අවුස්සලා බලයට ආපු ගෝඨාභය රාජපට සිදු වුණා අවුරුදු දෙකහමාරකින් රටෙන් පැනලා යන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට ඇවිත් තිබෙනවා. ඒ අර්බුද ගැන එතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවාද? රටේ මිනිස්සු අද මේ විදියට දුක් විදින්නේ ඇයි? දුවා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා තිබෙනවා.

රටේ මිනිස්සුන්ගේ සිහින සුන්නත්දූලි කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය මෙතනට රට තල්ලු කිරීම ගැන රනිල් වික්‍රමසිංහ කතා කරලා තිබෙනවාද? හරීවිදියට නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා මුලින්ම පත් කරන්න ඕන නිමල් සිරිපාලද සිල්වා මහත්මයාගේ නිවැරදිභාවය සොයන කොමිසමක් නෙවෙයි. මේ රට මෙතනටපත් කරපු පාලකයන්ගැන සොයන ජර්නාධිපති විමර්ශන කොමිසමක්.ම

ේ ආර්ථිකය මෙතනට කඩා දැමේ කවුද? බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩිකබ්රාල්, පී.බී. ජයසුන්දර අද රට මෙතනට කඩා දාලා, ප්‍රපාතයට දාලා ඔවුන් අපූරුවට ජීවත් වෙනවා. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න නෑ. රාපක්ෂලාට ඩොලරුත් තිබෙනවා. රුපියලූත් තිබෙනවා. ආරක්ෂාවත් තිබෙනවා.

හෙට අනිද්දාගෝඨාභය රාප්පත් එයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සියලුදෙනාගේ රැකවලා බවට පත්වෙලා. තියෙනවා. ඒ නිසා අපිට පේන්නේ නෑ රට මෙතනට ඇදලා දාපු රාජපක්ෂ පාලනය සහ ඔවුන්ගේ නිලධාරිය පැලැන්තිය සහ ගජමිතුරු පැලැන්තිය ගැන කිසිදු පරික්ෂණයක්,  වගවිභාගයක් වෙනවා කියලා. අපි අභියෝග කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මෙතනට ආර්ථිකය කඩාවැටවීම පිළිබඳ සෙවීමට වහාම ජර්නාධිපති විමර්ශන කොමිෂන් සභාවක් කැඳවන්න කියලා”