schools-repopen-in-full

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් විසින් අද පැවති සාකච්ජාවේදී මේ තීරණය දන්වා සිටියේය.

පුද්ගලික බස් හිමියන් පවසා ඇත්තේ සියයට සියයක් සිය බස් රථ සදුදා සිට ධාවනය කරන බවයි.
කෙසේ වෙතත් ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී  ඇති අතර,සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ඉදිරි තෙමස තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව තවදුරටත් සීමා කරන ලෙසය.