
පසුගිය ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත්කළ චක්‍රලේඛය ප්‍රකාරව මේ දිනවල සීමිත මට්ටමින් පවත්වා ආ රජයේ සේවය එම මාසයක කාලය අවසන්වීමෙන් පසු ලබන 22 සඳුදා සිට පුරුදු පරිදි සතියේ දින 5 ම පවත්වනු ඇතැයි වාර්තා පළවේ.
රාජ්‍ය සේවකයන් යලි පුරුදු පරිදි සේවයට කැඳවීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන අතර රට තුළ උද්ගතවූ ඉන්ධන හිඟය මේ වනවිට යම් සහනදායි මට්ටමකට විසඳී පැවතීමත්
සියයට සියයවක් බස් රථ ධාවනයට පුද්ගලික බස් රථ කැමැත්ත පළ කිරීමත් ඊට හේතුවී තිබේ.
රජයේ කාර්යාල වෙත සේවාවන් ලබා ගැනීමට මහජනතාවටද මේ නිසා පහසුව ලැබී ඇත.
මේ සම්බන්ධ නව චක්‍රෙල්ඛය ඉදිරි සතිය තුළ නිකුත් වීමට නියමිත බවද වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval