sanath-jayasuriya-mr-bean-ranil

මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කර තිබේ. ඔහු ස්වේච්ඡාවෙන් රටට උදව් කිරීමට ඉදිරිපත් වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.


පසුගිය දිනවල අරගලයට සහය පළ කළ සනත් ජයසූරිය, ජුලි 13 වනදා වනවිටත් අගමැති ධූරය හැර නොගොස් රනිල් වික්‍රමසිංහ රට අවුලට පත්ව තිබූ අවස්ථාවේ බස්නාහිරට ඇඳිරි නීතිය පනවා මර්දනය ඇරඹූ අවස්ථාවේ ‘මිස්ටර් බීන්‘ උදාහරණයට ගනිමින් මෙලෙස සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් පළ කළේය.

‘මිස්ටර් බීන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවන බැවින් තේරීම් කමිටුව ඔහුව ප්‍රතික්ෂේප කර තිබියදීත් ඔහු කණ්ඩායමට ගෙනාවා යැයි සිතන්න! කෙසේ වෙතත්, ඔහු ක්‍රීඩා කරනවා පමණක් නොව, විනිසුරු ඔහුව දැවී යන විට හැර යාම ප්‍රතික්ෂේප කරයි! තවත් ක්‍රීඩාවක් නැත. අන්තිම මිනිසාට ක්‍රිකට් ක්‍රීඩාවේදී තනිවම පන්දුවට පහර දීමට අවස්ථාවක් නැත. කරුණාකර යන්න‘