
අද (5) දින බස්රථ වර්ජනයක් ක්‍රියාත්මක වූයේ රජය මගින් ඉන්ධන ලබාදීමේදී ලීටර 40 කෝටාව මදි බවටත්, ඒවා ලබාගැනීම අසීරු බවටත් මෙන්ම නව බස් ගාස්තු අඩුකිරීම සංගම් සමග සාකච්ඡාවකින් තෙරව අසාධාරණ ලෙස පහතදැමූ බවටත් චෝදනා කරමිනි.
මෙම හේතුව නිසා දිවයිනේ ස්ථාන ගණනාවක මගීන් අසරණවූ අතර මෙම ගැටලුව ගැන බලන්නට කෙනෙකු සිටියේ නැත.
මේ අතර පුද්ගලික බස් සංගම් වෙනුවෙන් ගැමුණු විජේරත්න දන්වා සිටියේ තමන්ගේ කෝටාව වැඩි කිරීමට ඛණිජ තෙල් සංස්ථාව එකඟවූ බවයි. එසේම අසාධාරණ ලෙස ප්‍රවාහණ කොමිසම බස් ගාස්තු අඩුකිරීමට එරෙහිව නඩු පවරන බවද ඔහු කීය.
අද දිවයිනේ තැන්තැන් වල ජනතාව අසීරුතාවට ලක්වූ අයුරු වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval