jude-shramantha-maithripala

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති 19 වියැති තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය ගෙවාදමමින් සිටි ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ නැමැති සිරකරු ජනපති පොදු සමාවක් දී නිදහස් කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (18) පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින නිවසේදීය.



හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් කළ පැමිණිලි දෙකක් මුල්කරගෙන මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකරන ලද අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දෙරණ 360 දේශපාලන වැඩසටහනකදී රෝයල්පාක් නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනී ජයමහ නිදහස් කිරීමට මුදල් ලබාගැනීමක් යම් පාර්ශවයක් විසින් කර ඇති බවට තමාට වාර්තා වූ බවත් ඒ ගැන බුද්ධි අංශයෙන් වාර්තාවක් කැදවීමේදී එමගින්ද තහවුරු වූ බවත් කියා සිටියේය.

එම රූපවාහිනී වැඩසටහනේදී අතුරලියේ රතන හිමියන් ගැනද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබූ අතර මේ ගැන සොයා තමන් කෙරෙහි ඇතිවූ සැකයනැතිකරන ලෙස රතන හිමි සීඅයිඩීයෙන් ඉල්ලා සිටියහ.

 2005 වසරේ ජුනි 20 වෙනිදාය. 19 හැවිරදි ඉවෝන් ජොන්සන් නැමැති ස්විස් ජාතික තරුණියට පහරදී ගෙල සිරකර බිත්තියේ හිස තදින් ගැටීමට සලස්වා මරා දමා තිබු අතර දීර්ඝ නඩු විභාගයෙන් පසු කොළඹ මහාධිකරණය විසින් සැකකාර ජූඩ් ශාමන් ඇන්තනී ජයමහාට වසර 12ක් බරපතල වැඩ ඇතිව සිරදඩුවමක්  නියම කරනු ලැබීය. දඩුවමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරත් අභියාචනාධිකරණයද මරණීය දඩුවම නියම කරනු ලැබීය.ඒ අනුව මරණ දඩුවම තහවුරු විය.



නමුත් 2016 වසරේදී ජනපති සමාවක් ඔහුට ලබාදුන්නේ ඔහුට වයස තියනවා ආචාර්ය උපාදියක් කරනවා කියමිනි.
රතන හිමියන් එම පවුලේ උදවිය හිටපු ජනපතිවරයාට මුණගැස්වූ බවද පවසා තිබුණි. නිදහස ලද පසු
 රටින්ට පිටව ගිය ඔහු සොයා ගැනීමටද නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණි.

සම්බන්ධිත පෙර ලිපිය
රෝයල් පාක් ඝාතක ජූඩ් ශ්‍රමන්ත නිදහස් කරේ මුදල් අරන් - මෛත්‍රිපාල හෙළි කරයි