ratta-acount-five-lakhs

සිය අනුදැනුමකින් තොරව තමාගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක මුදලක් බැර වී ඇති බව අරගලයේ ක්‍රියාකාරිකයෙකු හා යූටියුබ් තාරකාවක වන රැට්ටා පවසයි.


සිය දුරකථනයට ලැබුණ බැංකු පණිවිඩයේ සාක්ෂි ඡායාරූපයක්ද සහිතව ඔහු මේ ගැන සටහනක් තබා ඇති අතර ෆේස්බුක් ලයිව් පැමිණ විස්තරයක්ද කරයි.
මින් ඉහත අරගලය අවසන් අදියරයේදී රැට්ටා හා කෝනාර යන දෙදෙනාගේ බැංකු ගිණුම් වලට ලක්ෂ 150 බැගින් වැටීමෙන් පසු ඔවුන් ඒවා බැංකුවෙන් ලබාගන්න ගිය බවටත් කලබලයක් කළ බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර ගිය අතර එම ව්‍යාජ ආරංචියට එරෙහිව ඔවුන් පොලිස් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.
මෙවර රැට්ටාගේ ගිණුමට සත්‍ය ලෙසම මුදල් ලැබී ඇති මුත් ඔහු පවසන්නේ තමාව කිසියම් වරදකට පැටවීමේ අරමුණින් කිසිවෙකු මුදල් දමන්නට ඇති බවයි.
තමාට චෝදනා කිරීමේ අරමුණෙන් සිදුකළ කුමන්ත්‍රණයක් බව රතිදු සේනාරත්න පවසමින් ඒ ගැන බැංකුවට පැමිණිල්ලක්ද සිදු කළ බව ඔහු පවසයි.
CIMA විභාගය සමත් ගණකාධිකාරීවරයෙක් වූ තමා මෙම කුමන්ත්‍රණයට හසු නොවන බවත් මේ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රතිදු සේනාරත්න සටහනින් පවසා තිබේ.