kuliyapitiya-incident

බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී තිබියදී තමන්ගේ කීමට බිරිය යළි නොඑන නිසා ඇයව බියකර ගෙන්වා ගැනීම සඳහා තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.




වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබූ අතර දරුවා මරණ බියෙන් කෑගසද්දී ලබාදී තිබූ පණිවිඩයක් අනුව පොලිසිය පැමිණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
කිසිම කාරණාවක් නොතේරෙන සිඟිත්තා මේ සිද්ධිය නිසා සුළු සීරීම් තුවාල ලබා ඇති මුත් අමානුෂික බියගැන්වීම හමුවේ කම්පනයට පත්ව සිටි බව පොලිසිය කියයි.
පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.