ranjan-president-pardon

ජනාධිපති සමාව ලබා ගැනීමට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක මහතා අද (13) අත්සන් තැබූ බව නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පවසා තිබේ.
සිරදඩුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණය වෙත ඊයේ රැගෙන ආ අවස්ථාවෙහි ජනතාව කැමතිවන දේ තමා සිදු කරන්නේ යයි සදහන් කළේය.


 රන්ජන් රාමනායක මහතා වෙත පොදු සමාවක් ලබා ගැනීමට නම් ඔහු අතින් සිදුව ඇති වරදට කණගාටුව ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සමක් ලබා ගැනීමට සිදුවන බව ඇමති විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කියා තිබුණ අතර අද දින රන්ජන් අත්සන් තබන්නට ඇත්තේ එකී දිවුරුම් පෙත්සමට විය හැකි බව වාර්තාවේ.
ඒ අනුව ඉතා නොබෝ දිනකින් රන්ජන් රාමනායකට ජනපති සමාව පිරිනැමෙනු ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් රන්ජන් නිදහස ලැබීම කිසියම් කොන්දේසියක් මත සිදුවන්නේ දැයි වාර්තා නොවේ.
මින්ඉහත ඥානසාර හිමියන් ජනපති මෛත්‍රිපාලගෙන් සමාව ලබාගත් අවස්ථාවෙහි අප්‍රකට කොන්දේසි පැවති බවට වාර්තාවූ අතර නිදහස ලද පසු දා සිට එම ආණ්ඩු කාලය අවසානය දක්වාම හිමියන් නිහඩ පිළිවෙතක සිටි අයුරු වාර්තා විය.