
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් පහත සඳහන් මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාපසුගිය 10 වනදා සභාවට නිවේදනය කළේය.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන ප්‍රකාරව (ආචාර්ය) හර්ෂ ද සිල්වා, (ආචාර්ය) බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන්, ඉන්දික අනුරුද්ධ හේරත්.සිරිපාල ගමලත්, (වෛද්‍ය) සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, සුමන්තිරන්, එම්.ඒ. (ආචාර්ය) කාවින්ද හේෂාන් ජයවර්ධන, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, චමින්ද විජේසිරි, ඉසුරු දොඩංගොඩ, අනුප පැස්කුවල්, (මහාචාර්ය) රංජිත් බණ්ඩාරරාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට පත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval