pussellawa-fuel-death

ගම්පොල පුස්සැල්ලාව ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි අයකු හදිසියේ රෝගී වී ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි .





මෙසේ මියගොස් ඇත්තේ ෂෙල්ටන් ෆොන්සේකා නමැති හැත්තෑ එක් හැවිරිදි අයෙකි.

මොහු කොත්මලේ මාස්වෙල මොනරාගල ජනපදයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ලොරි රථයකට ඉන්ධන ලබා ගැනීමට ගොස් පෝලිමේ සිටියදී මෙසේ රෝගී වී ඇති බව ගම්පොල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය. මොහු අසනීප වීමෙන් පසු 1990 ගිලන් රථයෙන් පුස්සැල්ලාව වහුගපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පොළ ශික්ෂණ රෝහලට නැවත රැගෙන ගොස් තිබේ .

මොහු හෘදයාබාධයකින් මිය යාම නිසා මරණ පරීක්ෂණයකින් තොරව එම සිරුර වාට්ටු භාර වෛද්‍යවරයා විසින් ඥාතීන්ට භාර දී තිබේ .

ඥාතීන් විසින් එම දේහය ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි . පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.