galle-face-dead-body

ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
වයස අවුරුදු හතළිහක් පමණ එම පුද්ගලයා යට ඇඳුමකින් සහ උඩුකය නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටියදී හමුව ඇත. අද අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මුහුදේ සිරුරක් පාවෙන බවට ලද තොරතුරක් මත කොටුව පොලිස් ස්ථානයේ පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණද අදාළ මළ සිරුර යළිත් නොපෙනී ගොස් තිබූ අතර පසුව උදෑසන අටට පමණ මෙම මළසිරුර ගාලු මුවදොර වෙරළට යළි ගොඩගසා තිබෙයි. ඒ අනුව කොටුව පොලිසිය මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


මින් ඉහත පන්නිපිටිය ප්‍රදේශයේ තරුණයෙකුගේ සිරුරක්ද මේ ආකාරයට ගොඩගසා තිබුණි.
ගාලුමුවදොර තරුණ අරගලයක් මර්දනය කරන අවස්ථාවක මෙම සිරුරු හමුවීම් සමග සම්බන්ධයක් තිබේද යන්න ඇතැමුන් සාකච්ඡාවට නගා තිබේ. සංවිධානාත්මක පිරිසක් පිරිස් බියවැද්දීමට මෙවැනි දේ සිදු කරනවාද නැතිනම් ඇත්තටම මෙම ස්ථානයේ ආසන්නයේ පුද්ගල මරණ සිදුවේද යන්න එම සාකච්ඡාවට ලක්වූ කරුණු අතර පවතී.