president-house-investigation

අරගලකරුවන් අත්පත් කරගෙන සිටි කොටුව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්ගයාලයේ තිබූ පෞරාණික භාණඩ ලේඛන ගත නොකිරීම නිසා එහි තිබූ පෞරාණික භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අස්ථානගත වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පණ මෙහෙයවන පොලිස් නිලධාරින්ට ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති ගැසට් නොකිරීමෙන් එහි තිබූ පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අරගලකරුවන් ඉකුත් 9 වැනිදා අත්පත්කරන්ගෙන සිටි කොටුව ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට හානියක් සිදුව නොමැති බවත්, එහෙත් එම ගොඩනැගිල්ලේ බිත්ති මත කුරුටුගෑම්, පළුදු කිරිම් වැනි හානි සිදුවී ඇති බවට මෙතෙක් කළ විමර්ෂනයේ දී අනාවරණය වූ බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දැනුම් දී ඇත.



ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පෞරාණික ගෘහභාණ්ඩ කිහිපයකට හානි සිදුව ඇති අතර එහි ප්‍රධාන පියගැට පෙළේ අත්වැට කැඩී විනාශ වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දන්වා ඇත. ගොඩනැගිලේ කෞතුක භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අස්ථානගත වී ඇති ද යන්න දැනුම් දීම සඳහා මීට පෙර ලේඛනගත කරන ලද එහි පුරා වස්තු පිළිබඳ වාර්තාවක්, පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම ජනාධිපති මන්දිරයට ප්‍රවේශවීම සඳහා පැවති අපහසුතා හේතුවෙන් එලෙස ලේඛනගත කිරීම අවස්ථාවක් නොලැබුණු බවට ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අරගලකරුවන් ජනධිපති මන්දිර භූමියේ රැදී සිටියදීම එම භූමියේ ආරක්ෂාව තහවුරු කරමින් ඉකුත් 12 වැනිදා දනුවත් කිරීමේ පුවරුවක් සවිකර ඇත. පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක බව දැක්වෙන පුවරු කිහිපයක් ඉදිරියේදී ද ගොඩනැගිල්ලේ සවිකිරිමට පුරාවිද්‍යා දෙපාරතමේන්තුව කටයුතු කරමින් සිටින බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.