
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හේතුවෙන් කෝප්, කෝපා, මුදල් යන කාරක සභා ඇතුළු කාරක සභා 11ක් අහෝසි වී තිබේ.මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝ අංක 109, 111(2), 124(5), 125.(1) අනුව පිළිවෙළින් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ සම්බන්ධීකරණ කාරක සභාව පාර්ලිමේන්තුව වාරාවසාන කළද අහෝසි නොවන අතර, නැවත පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන තෙක් චේම කාරක සභාවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. මෙලෙස අහෝසි වන කාරක සභා පාර්ලිමේන්තුවේ සභාවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් සිදු වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව සෑම නව සභා වාරයකදීම තේරීම් කාරක සභාව අලුතෙන් පත් කිරීමද සිදු කරනු ලබයි. මේ අතර පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු අහෝසි වූ කාරක සභා පහත දක්වා තිබේ.
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කෝප්)
- රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව(කෝපා)
- රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
- ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
- පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
- ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
- ගෘභ්‍ය කාරක සභාව
- ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
- පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව
Comments
Post a Comment
Your comment will be visible after approval