moratuwa-incident

මොරටුව ප්‍රද්ශයේ අවුරුදු 17 ක බාල වයසේ දැරියක සමග පෙමින් වෙළී සිටි 20 හැවිරිදි තරුණයෙකු ඇයව රැගෙන ගොස් ලිංගික අපයෝජනයේ යෙදවීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ කියන තරුණයා මීට පෙර දැරිය රැගෙන ගොස් සිය නිවසේ මාස දෙකක කාලයක් තබාගෙන අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති අතර පසුව වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් දෙදෙනා දෙපසකට කර ඇති බව වාර්තාවේ.


මීට දින කිහිපයකට පෙර නැවත පෙර ලොරියකින් පැමිණි තරුණයා බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් ඇති අතර ඉන්ධන අවසන් වීම නිසා ලොරි රථය මග දමා ත්‍රීරෝද රථයෙන් ඇය රැගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.
අනතුරුව පසුගිය 30 වනදා සවස ලොරි රථයකින් පැමිණි  තරුණයා තරුණිය නැවතත් සිය ඥාතී නිවසකට රැගෙන ගොස් ඇරලවා ඇති බව පොලිසිය පැවැසීය. දැරියගේ පාර්ශවයෙන් ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන කළ පොලිසියට දැරිය පවසා ඇත්තේ සැකකරු ඇය බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවරයට ලක්කර ඇති බවයි.
 මෙම බාල අපරාධ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය පැවැසීය.
ඉන්ධන අවසන් වීම නිසා මහමග දමා ගිය ගිය ලොරි රථය සහ ඉන් අනතුරුව භාවිත කළ ත්‍රිරෝද රථය පිළිබඳව ද වෙනමම විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.


අපයෝජනයට ලක් වූ බාලවයස්කාර දැරිය මේ වන විට අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බව සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගත් අය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.