
පසුගිය මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වී ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ලබා ගත් පුද්ගලයකු ඊයේ දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය කියන්නේ අයුතු ලෙස ඔහු මැදුරට ඇතුළුවී ඇති බවයි. 28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසයි.
කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස කටයුතු කළ දෙදෙනෙකුද ජා-ඇළ ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වයි.
අවුරුදු 35 සහ 37 යන වයස්වල පසු වන මොවුන් තුඩැල්ල සහ මාඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කියයි.
ඊයේ (02) අත්අඩංගුවට ගත් මොවුන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval