parliament-budget-22

අද (09දා) සිට දින 03ක් පාර්ලිමේන්තුව මෙම සතුය තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයේ 2022 වර්ෂය සඳහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත (අයවැය) සඳහා ඉදිරිපත් කෙරෙන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන අතර, හෙට (10) 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මීට අමතරව අද (09දා, හෙට (10) සහ එළඹෙන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්කබීමේ විවාදය පැවැත්වීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව අද ප.ව. 01.00ට රැස්වීමට නියමිත අතර, ප.ව. 04.30 දක්වා විවාදය පැවැත්වේ. එසේම හෙට සහ 12 වැනිදා යන දිනයන්හි පෙ.ව. 10.00 සිට ප.ව. 04.30 දක්වාද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේම මෙම විවාදය සභාව කප්තැබීමේ විවාදයක් බැවින් විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග අහෝසි වූ කාරක සභා නව සභාවාරයේ නැවත කඩිනමින් පත්කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ අනුව පළමුව භේරීම් කාරක සභාව (Committee of Selection) අද පත් කර ගැනීමටත් අනතුරුව පාර්ලිමේත්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු අනෙකුත් අහෝසි වූ කාරක සභා කඩිනමින් පත්කර ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.