Electricity-bill-hike

විදුලිය ගාස්තු අද (9) සිට සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. විදුලිය ගාස්තු ඉහළ දමන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබිණි.

විදුලිය ඒකක 01 - 30ත් අතර කාඩයට සියයට 835ක්ද, ඒකක 31ත් - 60ත් අතර කාණ්ඩයට සියයට 673ක්ද, ඒකක 61 - 90ත් අතර කාණ්ඩයට සියයට 276ක් ද ඒකක 90ට වැඩි කාණ්ඩයට සියයට 126ක් ද වශයෙන් විදුලිය ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීම් කර තිබේ. කෙසේ වෙතත් එම ඉල්ලීම් සලකා බලා සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංවීමට අවසර දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලිය ඒකක 0ත් - 30ත් අතර භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා සහනයක් සැලසීමට රුපියල් කෝටි 6500ක පමණ මුදලක් වැය වන අතර, ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ ඉල්ලීම මහාභාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කර තිබෙන බවද පැවසේ. විදුලිය ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදුකර ඇත්තේ ඉකුත් 2014 වසරේ වන අතර, එහිදී විදුලිය ගාස්තු සියයට 25කින් පහත දැමීය.