nutrition-sri-lanka

මෙරට ජනතාව අතරින් මිලියන ගණනාවක් එනම් නිවාස දහයක් අතරින් තුනකටම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ආධාර අවශ්‍යවන තත්වයක් මතුවී ඇති බව ලෝක ආහාර වැඩසටහත් නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. එහි වැඩිදුරටත් දක්වා ඇති පරිදි පවුල්වලින් 61%ම අඩු පෝෂ්‍යදායී ආහාර ගැනීම හා ආහාර වේල් සම්පූර්ණයෙන්ම අත්හැරීම යන ඒවායෙන් එක් තත්වයකට අඩුම වශයෙන් මුහුණ දෙන බවයි. ඒ අනුව වත්මන් තත්වය අනුව අපේ රටේ ජනතාවගේ පෝෂණය පිළිබදව සැලකිය යුතු දෑ පවතියි.  එය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාශය විසින් හදිසි පෝෂණ සැලැස්මක් සකස් කිරිම් ක්‍රියාවලියක් සිදුකරමින් පවතියි. මේ පිළිබදව සොඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සූසී පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

"මෙහිදී පැහැදිලි කළයුතු දෙයක් තමයි පෝෂණය කියන විෂය සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම් දරන විෂයක් ලෙසයි පවතින්නේ. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය, පෝෂණයයි හරි නම් එකට යායුතු කාරණායි.ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා වූ පමණින්ම ගෙදරක තිබෙන පෝෂණය ඒ ලෙසම වැඩි වෙයි හෝ රැකෙයි කියන එකට තව සාධක කිහිපයක් බලපානවා. මේ වගේ අවස්ථාවක ආර්ථික අර්බුදයක් අපේ රටේ තිබෙනවා. ඒ අනුව සොබා අමාතශයේ මහජන සෞඛ්‍ය අංශය විශේෂයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ පෝෂණ අංශය, මාතෘ හා ළමා අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වගේම වතු හා නාගරික අංශය ඇතුළු අංශ කිහිපයක්ම එකතුවනු තාක්ෂණික උපදෙස් ලෙස හදිසි පෝෂණ සලැස්මක් නිර්මාණය කරන්න තීරණය කරන්නේ.

මොකද කියනවා නම් අපේ වගකීමක් තිබෙනවා ටි ජනතාවට උපරිමයෙන්ම පෝෂවඩපිළිවෙත් නිවැරදි ලෙස ස්ථාපනය කිරීම වෙනුවෙන්. මේ වෙලාවේ අපි දකිනවා අපේසාමාන්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අසීරු වී ඇති බව.

එසේනම් මෙවන් අවස්ථාවක මිනිසුන් එක වේලක් පමණක් ආහාරයට ගන්න අවස්ථාත් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඒ එක් වේලක් හරි ආහාරයට ගන්න නැති අවස්ථා තිබෙනවා. ඒවගේම වේලක් ඇර වේලක් කන අවස්ථාත් තිබෙනවා. ඒවගේම එලෙස කන ප්‍රමාණය හා කෑම වේලේ ආහාර විවිධත්වය යම් ආකාරයකට වෙනස් වී තිබෙනවා. ඔබ අපි ගැන  ගත්තත් අපේ බොහෝ පවුල් ගත්තාම එනම් 80%ක් විතර ගත්තාම පෝෂණයට තර්ජනයක් සිදුවන ආකාරයට තමයි ආහාර වේල සකස්කරගන්න සිදු වී තිබෙන්නේ. මෙවන් අවස්ථාවක තමයි අපි මේ හදිසි පෝෂණ සැලසුමක් ඉදිරිපත් කරනේනේ සොඛ්‍ය අමාතශයවිදිහට කටයුතු කරන විදිහත් ප්‍රතිපාදන සීමා වෙලා තිබෙන කාලයකත් අපිට අවශය වෙනවා මේ පෝෂණ සැලැස්මට හවුල්කාරිත්වයක් සලස්වා ගන්න. මේ හවුල්කාරිත්වය කියන්නේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට, මුදල් ආයෝජනය කිරීම වගේම ප්‍රජා හවුල්කාරිත්වයටයි.

අපි දැක්කා පහුගිය කාලයේ පෝෂණය සම්බන්ධයෙන් තිබෙන හවුල්කාරිත්වය පසුබෑමක්. එය කඩිනමින් යළි ස්ථාපිත කිරීම අවශ්‍ය වී තිඛෙනවා. ඒ අනුව මේ හදිසි පෝෂණ සැලැස්ම මෙලෙස ඉදිරිපත් කරත්ත කැමතියි. එහි පළමුවැන්න තමයි ආහාර සුරක්ෂිතතාව ඔස්සේ පෝෂණ සුරක්ෂිතතාව. දෙවැන්න තමයි සෞඛ්‍ය අමාතයංශයේ පෝෂණය වෙනුවෙන්ම ක්‍රියාදාම පවතිනවා. ඒවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව. තුවැන්න තමයි ප‍්‍රජාව සවිබල ගැන්වීම හා ප්‍රජාවට සන්නිවේදනය කිරීම. මෙය අපි හිතනවාටත් වඩා පුළුල්වී යායුතු අවස්ථාවක් බවට දැන් පත්වී තිබෙනවා.


මේ කාරණා තුන ඔස්සේ තමයි හදිසි පෝෂණ සැලැස්ම ඉදිරිපත් වෙන්නේ. මේ වෙලාවේ advocacy document එකක් විදිහටයි මෙය ඉදිරිපත් කර තිබෙන්නේ.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සැලැස්ම ඉලක්කගත කරගන්නා කණ්ඩායම් හදුනා ගැනීම සිදුකරනවා. මොකද සම්පත් සීමිත අවස්ථාවක මේ ඉලක්කගතව වැඩපිළිවෙළවල් සකස් කිරීම හාද උපක්‍රමයක්. මෙහිදී අපි දිස්ත්‍රික්ක අනුව ප්‍රමුඛතාව දිය යුතු දිස්ත්‍රික්කයන් හඳුනාගෙන තිබෙනවා. ඒවගේම වැඩි අවධානයක් යොමු කළ යුතු කණ්ඩායම් අපි හදුනාගෙන තිබෙනවා. විශේෂයෙන් ගැබිනි මවුවරුන්, පාසල් ළමුන් ගත්තාම දුෂ්කර පළාත්වල පාසල් සිසු ළමුන් 100ට අඩු පාසල්. මීළගට වතුකරය හා නාගරික සමහර ජන කොට්ඨාස අපි දැඩි අවධානයකට ලක්කර තිබෙනවා. මීට අමතරව අපි  වෙන්කරන මුදල් ප්‍රතිපාදනවලින්ම් කණ්ඩායම්වලට ලබා දිය යුතුහා ලබාදිය හැකි දේවල් මොනවාද යන්න පිළිබදව අපේ අවධානය යොමු වී තිබෙනවා.

මෙහිදී ආහාර බාස්කට් එකක් අපි ඉදිරිපත්කර තිබෙනවා. මෙහි ඇතුළත් වෙන දේවල් ඒ ඒ ඉලක්කගත කණ්ඩායම්වලට ගලපා ගත්තේ කොහොමද කියන එක අපි අවධානයට ලක්කර තිබෙනවා. දැනටමත් වෙදහා පෞද්ගලික අංශවලින් බඩු බෙදාදීම සම්බන්ධයෙන් උයෝගයක් දක්වා තිබෙනවා. අපි මේ පෝෂණ සැලමෙන් කියන තව දෙයක් තමයිඑලස බඩු ලබාදෙද්දී යම් නිශ්චිත මාගෝපදේශයක් තිබුණේ නම් එයාලස බඩු ලබාදීමෙන් එකී පුද්ගලයන්ගේ පෝෂණය රැකගන්නට වැඩි හැකියාවක් ලැබෙන බව. ඒවගේ රජය විසින් මේ අවස්ථාවේ ගෘහාශ්‍රිත වගාවන් ගැන විශාල ප්‍රචාරයක්ලබාදීලා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අපේ හදිසි පෝෂණ සැලමෙන් අපි කියන්නේ මේ ගෘහාශ්‍රිතවගාවක් වුණත්,

එය ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතා සපුරා ගැනීමත් සමග සම්බන්ධ කරගන්න කියන එකයි. ඒ සදහා ක්‍රියාකාරී සැලැස්මක් මේ පෝෂණ සැලම් අඩංගු කර තිබෙනවා. ඒ අනුව කියන්න ඕන අපෙ ක්ෂුද්‍රපෝෂක සම්බන්ධ පෝෂණයේ යම් හිඩසක් තිබෙනවා. අපේ රටේ පුද්ගලයන්ගේඋස බරපරික්ෂා කර බැලීමෙන් පිළිඹිඹු නොවන පෝෂණයේ හිදැස් බෙනවා. සාමාන්‍යයෙන්  මිනිසුන්ට තිබෙන ඈලි මෑලි දුබල ගතිය,

වැඩක් කරතගියාම අවධානය යොමු කරන්න බැරී ගතිය, ශරීරයේ විවිධ තැන්වල ඇතිවන කැක්කුම් යන ලක්ෂණ පොඩි ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පවතිනවා. මෙය තවදුරටත් ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. එයට හේතුව තමයි ක්ෂුද්‍ර පෝෂකවල තිබෙන ඌනතාව. විශේෂයෙන් විටමින් ඒ, බී,ඩී,ඊ හා කැල්සියම්, යකඩ, සින්ස් වැනි සංඝටකවල ඌනතාවන්. මේවා පොඩි ප්‍රමාණ තමයි අපේ ශරීරයට අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ පොඩි ප්‍රමාණය ආහාරවල තිබෙන විවිධත්වය නැතිවෙලා ගියාම හෝ සීමා කලාම නැති වෙනවා. බොහෝ අය දැන් කරන්නේ එක එළවළුවක් සමග බත් ආහාර වේලක්. ඉතින් මෙහෙමෙ ක්ෂුද්‍රපෝෂක ඌනතා පැන නගින්ට පුළුවන්. මේ නිසා ක්ෂුද්‍ර පෝෂක අවශතා ආරක්ෂා වෙන විදිහට ගෘහාශ්‍රිතවගාවන් දියුණුකරන්න කියන එකත් සැලැස්මේ  ඇතුළත්. අපි මේ සැලැස්ම හදලා තිබුණත් බොහෝ කරුණු කාරණා සලකා බලලයි සැලසුම් කරලා උපරිමයෙන් හරි තැනට යොමු කරන්නයි අපි බලාපොරොත්තුවෙන්නෙ.

මේ සැලසුම අනුව මාස 9ක් 12ක් පමණ ගියාම අපි වඩා හොදට සකස්කරන ලද තවත් සැලැස්මන් ඉදිරිපත් කරන්න නියමිතයි. හදිසි අවශ්‍යතාවට අනුව තමයි අපි මේ අවශ්‍ය කටයුතු යොදන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙලාවේ අපි දකිනවා අපේ ළමයින්ට බිස්කට් එකක්වත් කන්න බැරී ආර්ථිකයක් රටේ ඇති වෙලා වගේ දේවල්. නමුත් කියත්න ඕන ළමයින්ටපෝෂණය ගන්න බිස්කට්ම කන්න ඕන කියලා තිබෙන් කවුරුන්ද කියන එක හොයලා බලන්න ඕන. ඇත්තටම බිස්කට් සංස්කෘතියක් හැදුණේ පහසුවෙන් මේ දේවල් ආහාරයට ගන්න පුළුවන් කියන මතය නිසා. ඉස්සර අපේ අම්මලාට බිස්කටි පැකට් එකක් අරන් දරුවෙකුට කන්න දෙන එක පහසු කටයුත්තක් වුනා. නමුත් දැන්  බිස්කට් එකේ ගාණත් වැඩි වෙලා. මෙන්න මේ වගේ දේවල් නිසා අපි මුදල් කළමනාකරණය පිළිබදවත් ක්‍රමෝපායක් අපේ පෝෂණ සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. එයින් අපි බිස්කට් කවන්න කියලා තමයි කියන්නේ. ඇත්තටම බිස්කට් පරිභෝජනයත් අයත් වෙනවා නම් එක් අතකට හොදයි.රටේ පවතින ආර්ථික තත්වය අනුව සහන ලබාදිය යුතු පිරිසක් අනිවාර්යෙන්ම හඳුනා ගන්න පුළුවන්. වත්මන් අපේ දුගීභාවය වැඩි වන ආකාරයට ඒසහන ලබාදිය යුතු පිරිස වැඩි වෙත්ත තිඛෙන අවස්ථාව වැඩියි. ඒ අනුව ලබාදෙන සහන වැඩි විය යුතුබවයි අපි කියන්නේ. නමුත් සහන මත පදනම් වෙත ජනතාවක් ඇතිකිරීම වෙනුවට, එයින් ක්‍රමයෙන් ඉවත් වී ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වෙන වැඩසටහනකුත් ඉදිරිපත්කර තිබෙනවා.



මොකද හැමදාම මේ ජනතාවට සහනාධාර මත යැපෙත්ත දෙත බැහැ, අපේ නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ මේ දුගී බව අඩු කිරීම වෙනුවෙන්. කෙසේනමුත් මේ අවස්ථාවේ අපිට යම් හඳුනාගත් ප්‍රජාවකට සහන සැලසීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා. එය සිදුකරන ගමන්ම ඔවුන්ට නගාසිටුවීමත් අවශයි. මෙය සෞඛය අමාත්‍යාංශයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවෙයි. ඒ අනුව තමයි අපේම බහුපාර්ශවීය සැලැස්මක් ලෙස සකස්කළේ. මේ වැඩසටහන 2019ට ක්‍රියාත්මක වුණා. නමුත් එය නැතිවුණා. ඒ හින්දා තමා අපේරට අමුතු අමුතු තීරණාවලට ගිහින් පොහොර වැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ අනුව අපි දැන්වත් බහුටීය සැලැස්මකට ගිහින්, රාජ්‍ය නොවන සංවිධානත් එකතු කරගත ඉදිරි ගමනක් යාම අවශ්‍යයි. අපි මේ සකස්කළ සැලැස්ම හැමෝටම බලන්න පුළුවන් විදිහට නුදුරේදීම එක්වෙනවා. ඉදිරි දින කිහිපයේ අපිමේ සැලැස්ම පාර්ශව කිහිපයකට විවෘත කරනවා වගේම,

සමස්ත සොඛ්‍ය ක්ෂේත්‍රයටත් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපීන තාක්ෂණික මට්ටමින් සියයකගේ පමණ පිරිසකගේ දායකත්වය ලැබී තිබෙනවා. සංවිධාන මට්ටමිනුත් මෙයට හොද සහායක් ලැබුණ. තානාපතිවරුන් පවා අපිට හොද සහායක් ලබාදුන්නා.මෙය කොතරම් ප්‍රායෝගික දෙයක්ද යන්නෙත් ප්‍රශ්නගත වුණි. ඒ අනුව මෙය ධනාත්මක අයුරෙන් ඉදිරියට අරන් යන්න  බලාපොරොත්තු වෙනවා.


(නදිශානි පතිරණ )