
මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට රජය අවස්ථාව සලසා ඇත.
ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණි.
නමුත් අද(09) සිට බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සම්පූර්ණයෙන් ලබාදෙනු ඇත.
එසේම පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මේ අනුව දින කිහිපයක් අඛණ්ඩව සිය බස්රථ ධාවනය කිරීමට හැකි වන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval