mrs-sri-lanka-2022

මෙවර මිසිස් ශ්‍රී ලංකා 2022 තරගාවලිය පසුගියදා පැවැත්වුණා. මෙවර කිරුළු පළඳිනු ලැබුවේ ඉතාමත් සුන්දර ඌෂි පෙරේරායි. ආදරණීය සැමියෙකු වගේම පුතුන් දෙදෙනෙකු සිටින ඌෂි වසර 17ක් පුරාවට සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයන කාන්තාවක්.

චන්දිමාල් ජයසිංහ පවසන ආකාරයට ඇයට පැළදූ ඔටුන්නේ එකේ වටිනාකම කෝටි හය හමාරක්වේ. මෙවර මිසිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා තරගයක් නොපැවැත්වූ අතර, සංවිධායක මණ්ඩලය විසින් යෝජනා කරන ලද තරගකාරිය වූ ඌෂි පෙරේරා පැවති උත්සවයේදී කිරුළු පැලඳුවාය. එංගලන්තයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය තරගයක් නොමැතිවම ලබාගත් ජයග්‍රහණය ගැන පැවසුවේ මෙවන් කතාවක්...

‘‘මීට අවුරුදු දෙකකට කලින් මිසිස් කැරොලයින් ජූරි දිනපු වෙලාවේ මට චන්දිමාල් කතා කළා. ඒ වෙලාවේ මට හිතුණේ නැහැ ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ ආයේ චන්දිමාල් මිසිස් පුෂ්පිකා ද සිල්වා එක්ක ඇමරිකාවේ වේගාස්වල ඉන්නකොට ඊළඟ එකට ඔයා එන්න කියලා මට කතා කළා. ඊට පස්සේ මම ඒ ගැන හිතුවා. හස්බන්ගෙන් ඇහුවා. මගේ යාළුවන්ගෙන් කතා කරලා ඇහුවා. ඔවුන් කැමති වුණා.

සංවිධායක මඩුල්ල මාව ගෙනැල්ලා 2022 මිසිස් ශ්‍රී ලංකා හැටියට නොමිනේට් කළා. ඒ නිසා මම දැනගෙන හිටියා මේ ක්‍රවුන් එක ලැබෙනවා කියලා. හැබැයි මට ලොකු වගකීමක් තියෙනවා. මොකද මෙච්චර ලස්සන සුන්දර කාන්තාවන් ඉන්න රටක මාව පිටරටක ඉඳන් ගෙනැල්ලා මේ ක්‍රවුන් එක දුන්නා කියන්නේම තරගයක් තියලා දිනපු කෙනෙක්ට වඩා වගකීමක් තියෙනවා කියන එක. මම මේ කිරුළ දකින්නේ ඒ විදියට.’’