ratana-thera-speaks

 ඊයේ  කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවසුහ.

"විජය ධරණී ජාතික සභාව ලෙස අපි ඊයේ දිනයේ ජනාධිපතිතුමාව හමුවුණා.රටක් අරාජික වීම කියන්නේ ඒ රටට කිසිදු අනාගතයක් නෑ. කොහොම වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථා රාමුව යටතේ අප කළ යුතු පළමු දේ තමයි මේ අනායක තත්ත්වය සම්පුර්ණයෙන් වළක්වාගන එක. ඒ සඳහා තමයි අපි දිගටම උත්සහ කළේ. මේ සංචාරකයන් පැමිණෙන මාසය. මේ මාසයත් අපි කාබාසිනියා  කරලා දැම්මොත් අපේ රටට මෙහෙම ගමන් කරන්න පුළුවන්කමක් නෑ. ජනතා නැගිටීමක් නිසා සමාජයේ කම්පනයක් සිදු වුණා. මේ සමාජ කම්පනය ඵලදායී බවට පත්කරගැනීම අපේ වගකීමක්. 19 වැනි සංශෝධනය අහෝසි කරලා විධායකය තවත් බලවත් කිරීම රටේ ජනමතයට පිටුපෑමක්. ඉතින් අපි කළ යුතු වෙන්නේ පළමුවෙන්ම විධායක ජනාධිපති ධුරයේ බලතල යම්කිසි ආකාරයකට පාර්ලිමේන්තුව සමග සමබර කරගන්න එක.

ඒ වෙනුවෙන් සකස් කරලා තිබෙන සංශෝධනය කඩිනමින් සම්මත කරගන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.

පාර්ලිමේන්තුව තුළ කුමක් සිදුවෙයිද කියලා අපට කියන්න බෑ. අපි ජනතාවට කියනවා අවධානයෙන් සිටින මේ සංශොධනය සම්මත කරගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ ඉලක්කවලින්මයි.  ජනමතයක් නැතිව මේක කරන්න අමාරු වෙයි. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තිබුණු ලොකුම ප්‍රශ්නය ඔහු පවුලේ සිරකරුවෙක් වුණා. ඔහු කිසිකෙනෙකුට ඇහුම්කන් දුන්නේ නෑ. ඒක අවසානයේ ඛේදවාචකයක් බවට පත්වුණා. කෙසේවුණත් දැන් නව ජනාධිපතිවරයෙක් පත්වෙලා තිබෙනවා. එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කාලයක් වැඩ කරලා තිබෙනවා.

එතුමා ආපු ගමන් එතුමාට ගෝ හෝම්  කියන්නේ නැතිව, රට අරාජික කරන්නේ නැතිව අපි මාස දෙකක් බලමු. ඒ මාස දෙක ඇතුළෙ එතුමා හරියට වැඩේ කරන්නේ නැතිනම්, එතුමාට කරන්න බැරි නම් මේ රට අපේ දෝතට ගන්න ඕන. මහජන අරගලයට ඉන්පසුව එකතු වෙන්නේ අපි. ඒ නිසා අපි එතුමාට මාස දෙකක සැලැස්මක් ලබාදෙනවා. එතුමා ඒ මාස දෙක යන්නේ කොහොමද කියලා අපට පෙනේවි. මාස දෙකෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැරි වුණත් විසඳන ආකාරය අපට පෙනේවි. ඒ නිසා මාස දෙකක් අපි එතුමාට දීලා බලමු. රට අරාජික කිරිමෙන් වළකිමු”