august-9-protest

අරගලය නතර වෙන්නේ 74 වසරක දේශපාලන සාපය නතර කළ දිනට බවත්, රනිල් රාජපක්ෂ ආණ්ඩුව අරගලය මර්දනය කිරීමට එරෙහිව සහ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැවැන්ත ජන රැලියක් හා පා ගමනක් මේ මස 06 වැනිදා සවස 3.00ට නුගේගොඩදී පවත්වමින් අරගලයේ නව ගමනක් ආරම්භ කරන

බවත් ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.

සියලුම දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති මෙම ජන රැලියට සම්බන්ධ වන බවද ඔවුහු පවසති. ස්ථාන තුනක සිට පා ගමනින් නුගේගොඩට පැමිණ ජන රැලිය පවත් වන බවත්, ප්‍රධන සටන් පාඨ හතක් ගෝල්ෆේස් අරගලකරුවන් එදින ප්‍රකාශයට පත් කරන බවත්, අගෝස්තු 09 වැනිදා සිදුකරන කටයුත්ත එදින දැනුම් දෙන බවත් ඔවුහු පවසති.

ගාළු මුවදොරදී ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අරගලකරුවෝ මේ බව කියා සිටියහ. ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන් අදහස් දක්වමින් සුසන්ත කොඩිතුවක්කු මෙසේ කීය.

''රනිල් රාජපක්ෂ කියන්නේ නොකියන දේ කරන, කියන දේ නොකරන දේශපාලනඥයෙක්. ඔහු තරුණයන්ට ඉඩ නොදීපු පාර්ලිමේන්තුවේ දූෂිතයෙක්. ගෝඨාභය රාජපක්ෂ පන්නපු අරගලය ඉදිරියේ ඔහු අසරණයි. ඒ නිසයි මේ මර්දනය අරඹා ඇත්තේ. මේ අරගලය මාස තුනක කාලයක් නිරායුධවයි අරගෙන ආවේ. ගෝඨාභය, මහින්ද, බැසිල් නඩයේ සෙවනැළි තවම තියෙනවා. අපි මර්දනය මැඩගෙන ඉදිරියට යනවා.''