
මංකි ෆොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරික්ෂණ ඊයේ (8) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මේ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එම වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.
යම් රෝගියකු ගැන සැක පවතින්නේ නම් අදාළ වෛද්‍යවරයාට එම රෝගියා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර පර්යේෂණාත්මකව රෝගය ඇත්දැයි සනාථ කර ගැනීමට මෙම වැඩපිළිවෙළ යටතේ කටයුතු කෙරෙන බවත් එසේ නොමැතිව මෙම පරීක්ෂණ උපකරණ කට්ටල වලින් කෙරෙන්නේ රෝගය ගැන පරික්ෂණ පැවැත්වීම නොවන බවත් අන්වර් හදානි මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවෙන් මංකි ෆොක්ස් ආසාදිතයන් කිසිවකුත් මෙතෙක් හමුවී නැත. අසල්වැසි ඉන්දියාවෙන් රෝගීහු කිහිප දෙනෙක් පසුගිය දිනවල හමුවූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval