mervin-silva-arrested

2007 වසරේ ජාතික රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් කඩාවැදුණ බව පවසමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙයි.


මීට වසර 15 කට පෙර 2007 දී සිල්වා මහතා කොළඹ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදී එහි පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියාට පහරදීමට උත්සාහ කළේය.


අවසානයේ රූපවාහිනියේ සේවකයින් ඔහුගේ සහ ඔහු සමග ආ මැරයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඔහු රූපවාහිනියේ කාමරයක බියෙන් සිරවී සිටි අතර ආරක්ෂකයින් කැඳවා ගැනීමෙන් පසු එතැනින් පිටත්වූයේ සේවකයින්ගේ හිරිහැර මැදයි.
 හිසේ තීන්ත බාල්දියක් ඉහිරිවීමට හා මුත්‍රා බාල්දියකින් මර්වින්ව නැහැවීමට සේවකයින් ක්‍රියා කරතිබුනි.
ඒ කාලයේ මහින්ද රාජපක්ෂගේ ගොලබාල ඇමතිවරයා වූ බැවින් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්සිදුවූයේ නැත. රූපවාහිනී සේවකයින් කිහිපදෙනෙකු නිවෙස්වල සිට වැඩට එද්දී හිංසනයන්ට ලක්විය.
කෙසේ වෙතත් පසුකාලීනව මර්වින් මහින්දව විවේචනය කර එජාපයට බැඳුන අතර අවසන් මහමැතිවරණයේදී එජාපයෙන් අනුරපුරයට තරග කර පැරදුනේය.
මේ සිද්ධිය හදිසියේ මතක්වී ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
පසුගියදා රූපවාහිනියට කඩාවැදීම නිසා ධනිෂ් අලි අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරීමට පොලිසිය නාටකයක් රඟපාන බව පෙන්නුම් කරයි.