ස්කොට් ජාතික කෙලී ෆ්‍රාසර් Missing

Ad Code

ස්කොට් ජාතික කෙලී ෆ්‍රාසර් Missing

Kayleigh-Fraser-missing
අරගල භූමියේදී ජනතාවට සහය දැක්වීම කටයුතු කර ප්‍රසිද්ධියට පත්ව සිටි මොහොතකත පසුගියදා වීසා ප්‍රශ්නයක් මත පිටුවහල් කිරීමට රජය තීරණය කළ ස්කොට් ජාතික තරුණය සොයාගන්නට බැරිව ගොස් ඇත.
වීසා අවලංගු කර සිටින ස්කොට් ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු වන බව දෙපාර්තමේන්තුව පවසයි.
ඇය අවසන් වරට තමාගේ වීසා ප්‍රශ්නය සම්බන්දයෙන් අධිකරනයේ පිහිට පැතූ නමුත් පෙත්සම නිස්ප්‍රභා විය. ඇය පවසන්නේ ඇගේ වීසා 2023 මාර්තු දක්වා පවතින බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර සඳහන් කළේ ඊයේ දිනයේ ස්ථාන කිහිපයකම ඇය පිළිබඳ සොයා බැලු බවයි‍ෙ
එහෙත් ඇයව සොයා ගැනීමට නොහැකි වු බව මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය. කේලි ෆ්‍රේසර්ව සොයා ගැනීමට මේවන විට විමර්ශන ක්‍රියාත්මක බවද ඇය පැවසුවාය
"වීසා නැතිව ඉඳීම වරදක්" ඇය කියා සිටියාය. ඒ අනුව ඇයව සොයා ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් කඳවුර වෙත කේලි ෆ්‍රේසර්ව යොමු කෙරෙනු ඇත.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu