
දිනපතා පාසල් විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ පාසල් දරුවන්, ගුරුවරු ඇතුළු කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා ගාස්තු දරා ගත නොහැකි තැනට පත් වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.
වෙනදා මෙන් නොව, අද වන විට ප්‍රවාහනය සඳහා වන වියදම් 300%කින් පමණ ඉහළ ගොස් ඇති නිසා ඒ සම්බන්ධයෙන් වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු බවද ඔහු කීය.
සමහර ගුරුවරුන්ට දෛනික ප්‍රවාහන වියදම ලෙස රුපියල් පන්සියයත් දහසත් අතර මුදලක් දැරීමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.
මේ අයුරින් අධික වියදමක් දැරීම දිගින් දිගටම සිදු කළ නොහැක්කක් නිසා ප්‍රවාහනය සම්බන්ධයෙන් නිසි පිළියමක් යෙදීම බලධාරීන්ගේ වගකීමක් බවද ඔහු පැවසීය.
පවතින ප්‍රවාහන වියදමට සාපේක්ෂව ලැබෙන වැටුපේ වැඩි වීමක් හෝ සිදු නොවන නොවන නිසා මෙය ගුරුවරුන්ට සිසුන්ට මෙන්ම සියළු රාජ්‍ය සේවකයන්ටද ගැටලුවක් ඇති කරන්නක් යැයිද ජෝසප් ස්ටාලින් අවධාරණය කළේය.
මේ හේතුවෙන් ඒ සඳහා කඩිනම් විසදුමක් ලබා දීමට බලධාරීන් මැදිහත් විය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.
සවනි ශේශාධි
Comments
Post a Comment
Your comment will be visible after approval