lotus-tower-opening-sept15

චීන ණය යටතේ ඉදි කෙරුණු නෙළුම් කුළුන ලබන සැප්තැම්බර් මස 15 වන දා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබෙන අතර පසුගියදා නෙළුම් කුළුණ කළමනාකරන සමාගම පුවත්පත් දැන්වීමක්පළ කර එහි පවත්වා යන සේවවාන්ට සම්බන්ධ වන ලෙස ඇරයුම් කර තිබුණි.





මීටර් 300ක පමණ උසින් යුත් නෙළුම් කුළුණ වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමට කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාගම තීරණය කර තිබෙයි.

ඒ අනුව ව්‍යාපාර සඳහා කාර්යාල පහසුකම්, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණශාලා මෙන්ම සුවිශේෂී අලෙවිසැල් සඳහා නෙළුම් කුළුණේ පවතින මහල් ආයෝජකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
 ජාත්‍යන්තර මට්ටමේ උත්සව, ප්‍රසංග සහ ප්‍රදර්ශන සංවිධාන කිරීමටද අවස්ථාව හිමි කරන බව දන්වා ඇත.
මෙය රජයේ කටයුත්තක් ලෙස චීනෙන් ණය ලබාගෙන ඉදිකරන ලද අතර මේ වනවිට ලාබ උපයන්නට සූදනම්ව සිටිනුයේ නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාගමයි.