
මිගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාහොලව මැල්ලවලාන මංසන්ධිය අසල දී ඊයේ (22) දහවල් 11.45 ට පමණ ගිරිඋල්ල සිට පන්නල දෙසට ගමන් කළ යතුරු පැදියක්,
එම දෙසටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේ දී මියගොස් ඇතැයි පන්නල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සෙක්කුවත්ත දිවුල්දෙනිය පදිංචි 30 හැවිරිදි රනිල් ජයසිංහ සහ ගිරිඋල්ල නව නගරයේ පදිංචි 20 හැවිරිදි නිසල් අකලංක දිසානායක යන අය බවත් මොවුන් දෙදෙනා ක්‍රිකට් පිති දෙකක් අලුත්වැඩියා කිරීම සඳහා මාකඳුරට යන අවස්ථාවේ මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලිසිය පවසයි.ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරිහු පරික්‍ෂණ පවත්වයි.
-හේමලතා ඩී. හේවගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval