
දික්වැල්ල නගරයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනකු සංගීත කාමරය තුළ දී සිප වැළඳගෙන අතවර කළැයි සැකපිට එම පාසලේ සංගීත ගුරුවරයකු පෙරේදා (20) අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
සංගීත විෂයය ඉගෙන ගැනීමට ගිය අවස්ථා කිහිපයක දී එම සිසුවියන් මෙම සිද්ධියට මුහුණපා තිබෙන බව කියති.
ඔවුන් ඒ පිළිබඳව සිය දෙමාපියන්ට දැනුම් දීමෙන් අනතුරුව ළමාරක්ෂක නිලධාරීන්ට පැමිණිලි කර තිබිණි. ඒ අනුව ලැබුණු පැමිණිල්ලකට අනුව දික්වැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකාර සංගීත ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 14 - 15 යන වයසේ පසුවන පාසල් දැරියන් තිදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා රෝහල්ගත කිරීමට නියමිතය. 38 හැවිරිදි සැකකාර සංගීත ගුරුවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිව සිටී.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්-
Comments
Post a Comment
Your comment will be visible after approval