
ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව පළිබෝධනාශක රෙජිටාර්වරයාගේ බලපත්‍රයකට යටත්ව ග්ලයිෆොසේට් ආනයනය කිරීම අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.
ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී 2015 වසරේදී ය.
Comments
Post a Comment
Your comment will be visible after approval