kandy-woman-murder

තනිව ජීවත් වූ කෝටිපති කාන්තාවක සිය නිවසේදී ඊයේ ඝාතනයට ලක්වූ සිදුවීමක් වාර්තා විය.
මහනුවර, අම්පිටිය සුවිසල් නිවසක තනිව ජීවත් වූ වයස 65 ක්වූ කමනී රණසිංහ නමැති කාන්තාවකි.අඇය  ඝාතනය කර තිබුනේ පිහි ඇනුම් වලින් ගෙළ කපා දැමීමෙනි.


 ඊයේ (14) දහවල් ඝාතනයට ලක්වූ කාන්තාව ජීවත් වූ නිවස වෙතින් පුද්ගලයෙකු පිහියක් රැගෙන පළා යද්දී අසල් වැසියෙකු දැක ඇති අතර ඔහුගේ අත ද කැපී ලේ ගලමින් තිබූ බව අසල්වැසියා සාක්ෂි ලබාදී ඇත.
මෙය පවුලේ ප්‍රශ්නයක් බව කියමින් එම පුද්ගලයා තමන්ට ද පිහිය දිගුකර තර්ජනය කර පළාගිය බව අසල්වැසියා පවසා ඇත.
පසුව නිවසට ගොස් බලන විට කාන්තාව කෙඳිරි ගාමින් සිටි බවත් අසල්වැසියා කීය.
 මියගිය කාන්තාව බිම වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව සිරුර සොයාගෙන තිබේ.

ව්‍යාපාර ගොඩනැගිලි ගණනාවක හිමිකාරියකවූ ඇය කඩසාප්පු විශාල ප්‍රමාණයක් කුලියටදී මාසිකව ලක්ෂ ගණන් ආදායම් ලබමින් පසුවූ තැනැත්තියක වන අතරමින් ඉහත කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කර පසුව විශ්‍රාම ලැබීමෙන් පසු දිගටම නිවසේ වාසය කර ඇත.


කාන්තාවගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බවද අනාවරණය විය.
පළාගිය තැනැත්තා ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන අතර ඔහු සොයා විමර්ශනයක් අරඹා ිතබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.