
සෑම මසකම 01 වැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ප්‍රතිපත්තිය මත අද (15) දිනයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.
ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල සංශෝධනය වන අතර ලෝක වෙළඳපොළ බොරතෙල් මිල පහළ ගොස් ඇති නිසා අද සිදුවන්නට බොහෝ විට ඉඩ ඇත්තේ තෙල් මිල අඩුවීමක් බව වෙළෙඳපොළ ආරංචි පවසයි.
මේ අතර QR ක්‍රමය ලෙස ප්‍රචලිත ජාතික ඉන්ධන සැපයුම් බලපත ඊයේ (14) ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට කෝටාව යලි සකසමින් යාවත්කාල කර ඇත.
ඉන්ධන කෝටාව ත්‍රී රෝද රථ හා බස් රථ සදහා වෙනස් විය හැකි බවට දන්වා තිබුණ නමුත් මෙම සතිය සඳහාද පැවති ඉන්ධන කෝටාවම ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval