
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් ලෝක කණ්ඩායමට නම් කර තිබේ. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩිස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත ලෝක කණ්ඩායම (Rest of the World) සහ ඉන්දීය කණ්ඩායම (India Maharajas) අතර විශේෂ විස්සයි20 තරගය සඳහාය. මෙම තරගය එළඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවේ 75වැනි නිදහස් සැමරුම වෙනුවෙන් එම තරගය සංවිධාන කර ඇති අතර, ඉන්දීය කණ්ඩායම හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි විසින්ද, ලෝක කණ්ඩායම එංගලන්ත හිටපු නායක ඔයින් මෝගන් විසින්ද මෙහෙයවීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායම -.
සෞරව් ගංගුලි (නායක),විරේන්ද්‍ර ෂෙවාග්, මොහොමඩ් කයිෆ්, යුසුෆ් පතාන්, සුබ්‍රමනියම් බද්‍රිනාත්, ඉර්ෆාන් පතාන්, පාර්තිව් පටෙල්, ස්ටුවර්ට් බිනී, එස්. ශ්‍රීසාන්ත්, හර්බජන් සිං, නමන් ඕජා, අශෝක් ඩින්ඩා, ප්‍රග්‍යාන් ඕජා, අජේ ජඩේජා, ආර්.පී. සිං, ජෝගින්දර් ෂර්මා,රිතින්දර් සිං සෝදී.
ලෝක කණ්ඩායම -
ඔයින් මෝගන් (එංගලන්තය/නායක, ලෙන්ඩීල් සිමන්ස් (බ.ඉ. කොදෙව්), හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව, ජැක් කලිස් (දකුණු අප්‍රිකාව, සනත් ජයසුරිය (ශ්‍රී ලංකාව), මැටි ප්‍රයර් (එංගලත්තය), නේතන් මැකලම් (නවසීලන්තය), ජොන්ටි රෝඩ්ස් (දකුණු අප්‍රිකාව, මුත්තයියා) මුරලිදරන් (ශ්‍රී ලංකාව), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), හැමිල්ටන් මසකඩ්සා (සිම්බාවේ, මස්රෆි මොර්ටාසා (බංග්ලාදේශය) , අස්ගාර් ඇෆ්ගන් (ඇෆ්ගනිස්තානය) , මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව) , බ්‍රෙට් ලී (ඔස්ට්‍රේලියාව), කෙවින් ඕබ්‍රයන් (අයර්ලන්තය) , දිනේෂ් රාම්ඩින් (බ.ඉ. කොදෙව්)
(පැතුම් ශ්‍රී විජේරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval