
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.
තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම තහනම පැනවූ බවත් එම තහනම පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා සිට 2025 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසයි.
මෙම දඩුවමට එරෙහිව හිමාෂට දින 14 තුළ අභියාචනයක් ඉදිරිකිරීමේ අවස්ථාව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval