badulla-missing-student

පස්සර, ලුණුගලදී පසුගිය 03 වැනිදා අතුරුදන්වූ බව කියන 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක, 45 හැවිරිදි පුද්ගලයෙක් තරුණයෙකු සොයා ලුණුගල පොලීසියේ නිලධාරිහු පිරිසක් ඊයේ (09දා) ලුණුගල පල්ලකිරව කැලෑ ප්‍රදේශයක සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. ආර්.එම්. යසාරා ඉසදි නමැත්තියක මෙසේ අතුරුදන්වීමට ලක්ව තිබේ. අතුරුදන්දැරියගේ මව වන ආර්.එම්. නිසංසලා සෙව්වන්දි (32) මහත්මිය මෙසේ පැවසුවාය.

"යසාරා මගේ ලොකු දුව.ඊට බාල තවත් දියණියක් ඉන්නවා. මම ගමේම පෙට්ටි කඩයක් කරගෙන යනවා. අපිට අමතරව අවුරුද්දක් තිස්සේ ඥාතිකමක් නැති අයියා කෙනෙක් අපේ ගෙදර හිටියා. අම්මලයි ගෙදර තියෙන්නේ මේ ළග. එයා ඒ ගෙදරත් අපේ ගෙදරටත් ඉන්න ගමන් අපට උදව් කළා. බේකරි වැඩ දන්න නිසා විටින් විට කොළඹ ගිහින් වැඩ කළා. මගේ මහත්තයට ස්ථිර රැකියාවක් නැහැ. කුලී වැඩ කරනවා. ළඟදී කොළඹ ගිහින් වැඩ කළා. දුවගේ උපන්දිනය පසුගිය 2 වැනිදාට යෙදී තිබුණා. මේ නිසා මහත්තයගෙදර ඇවිත් හිටියා. අනික් අයියා කොළඹ ඉදින් ඇවිත් මාසයක් විතර හිටියා. එයාට අපේනැකමක් නැහැ.



කාත්කවුරුත් නැති බව කියලා අපේ ගෙදර නතර වුණා. අපේ ගෙදර කෙනෙක් වගේම අපිටත් උදව් කරමින් ගෙදර හිටියා. වරින් වර කොළඹ ගිහින් රැකියාවකුත් කළා. අතුරුදන් බව කියන අනෙක් තරුණයා මෙහේ ඇවිත් හිටියේ කුඹුරු වැඩ කරන්න. එයා අම්මලයි ගෙදරයි, අපේ ගෙදරයි හිටියා. එයා අලකොළවැව පැත්තේ කෙනෙක්. එයා කුඹුරු වැඩට ආවත් ඉන්ධන නැති නිසා ගෙදර යන්න විදියක් නැතිව හිටියා. සිද්ධිය වූ මම කඩේට ගිහිහිටියා සවස 2.00 පමණ ලොකු දුව බෑග් එකත් අරන් ගෙදරින් එළියට යනවා පොඩි දුව දැකල තියෙනවා. කොහෙද යන්නේ කියල ඇහුවම රෙදි හෝදන්න යනව කිවීවලු. මාත් එන්නද කියලා ඇහුවම එපා කියලා තනියම ගියා කියලයි පොඩි දුව මට කිව්වේ.

ඊට සුළු වෙලාවකට කලින් අර අනෙක් අයියා බෑග් එකත් අරන් නිවසින් ගිය බව පොඩි දුව කිවිවා. අපි ඒ වෙලාවේ ඉඳන්ම හෙවත් දුව සොයාගත්න බැරි වුණා. ඊට පස්සේ දැනගත්තා කුඹුරු වැඩට ඇවිත්හිටිය මල්ලිගෙදරින් ගිහින් තිබුණා.

ඒ ගොල්ලන්ගේ ගෙදරින් අපට කතා කරලා ඇහුවා අපි කිව්වා දන්නේ නැහැ කියලා. කොහොම නමුත් ඒල්ගොල්ලත් පොලීසියට පැමිණිලි කරලා කියල දැනගන්න ලැබුණා." මොවුන් පිළිබද තොරතුරක් වෙතොත් 071-8591515,0777-291983 දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ලුණුගල පොලිසිය ඉල්ලීමක් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක බී.ඒ.ඩී. සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ එහි නිලධාරීහු පිරිසක් වැඩිදුර පරික්ෂණ සිදු කරති.


(බදුල්ල -පාලිත ආරියවංශ)