gotagogama-police-message

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් හෙට (05) සවස 05ට පෙර එම ඉදිරිකිරීම් ඉවත්කළ යුතු බව පොලීසිය විසින් ඊයේ (03) දැනුම්දීමක් සිදුකර තිබූ අතර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත්කිරීමට ගෙන ඇති එම තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.


පොලීසිය විසින් ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු මෙම පෙත්සම් ගොනුකර ඇත.
කොටුව පොලීසිය විසින් දැනුම්දෙනු ලැබුවේ හෙට (05) සවස 05ට පෙර එම ඉදිරිකිරීම් ඉවත්කළ යුතු බවය.
එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවය.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද කොටුව පොලීසිය දන්වා තිබේ.