africa-food

අප්‍රිකාවේ මහා අඟ (Greater Horn) ලෙස සැලකෙන භූම් ප්‍රදේශයට අයත් රාජ්‍යයන් 7ක් පුරා ජීවත් වෙන මිලියන 37කට අධික ජනතාවක් දරුණු කුසගින්නකින් පෙළනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. මෙම කලාපයේ රාජ්‍යයන් ගෙවුණු වසර 70ක කාලයකට පසුව මුහුණ දෙන දරුණුතම නියග තත්වය ඊට හේත්තුව බවත් ඔවුන් පෙන්වා දෙයි. 

ෝමාලියාව, සුඩානය, ජිබොයුටි, දකුණු සුඩාන, උගන්ඩාව, ඉතියෝපියාව සහ කෙන්යාව මෙම කලාපයට අයත් රාජ්‍යයන් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන ආකාරයට මෙම රාජ්‍යයන්හි වයස අවුරුදු 5ට වඩා අඩු වයසේ පසුවන දරුවන් ආසන්න වශයෙන් මිලියන 7ක ප්‍රමාණයක් මන්දපෝෂණියන් පෙන්වන බවත් පවසයි. මේ තත්වයත් සමග කලාපය තුළ දරුණු රෝග ව්‍යප්තියක් ඇති වීමේ සහ මරණ ඇති වීමේ අවස්ථාවක් පවතින බවත්, එය වළක්වා ගැනීම සඳහා කඩිනම් ශක්තිමත් හදිසි ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරය ඒ අනුව මෙම රාජ්‍යයන්හි පවතින ආහාර අර්බුදය සොබා අර්බුදයක් බවට පත්වීම වැළැක්වීම සඳහා ඉහළ යන සොබා අවශ්‍යතාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 123.7ක අරමුදල් සම්පාදනයක් සිදුවිය යුතුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.