gotabaya-marina-bay-sands

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තයට පසුගියදා ගමන් කළ අතර ඒ දක්වා ඔහු සිංගප්පූරුවේ දින 28 ක කාලයක් ගත කර තිබුණි. මුල් වාර්තා වල දැක්වුනේ ඔහු සිංගප්පූරුවේ සිටියේ පුද්ගලික නිවසක බවට වුවත් දැන් ලැබෙන ආරංචි අනුව හිටපු ජනපතිවරයා ආරක්ෂා සහිතව ගතකර ඇත්තේ තරුපන්තියේ මිල අධික හෝටලයකය.


එරට ගත කළ සම්පූර්ණ කාලය සිංගප්පූරුවේ Marina Bay Sands නමැති සුපිරිම හෝටලයේ වීවීඅයිපී කාමර කිහිපයක් මිලට ගෙන ඔහු ගතකර තිබූ අතර රාජපක්ෂ මහතා හා බිරිය එක් කාමරයකත් ඔවුන් හා සමීපතමයින් කිහිපදෙනෙකු අනෙක් කාමර වලත් ගත කර ඇතැයි වාර්තාවේ.


තට්ටු 57 කින් යුතු ඉහළ කොටස යාත්‍රාවක හැඩය ඇති මෙම හෝටලය එහි විශේෂ පිහිටීම නිසා මෙන්ම සුවිශේෂ අහස් පිහිනුම් තටාකය නිසා ප්‍රසිද්ධය. හෝටලයටම අනුබද්ධ සාප්පු සංකීර්ණ කෘත්‍රීම උද්‍යාන ආදියෙන්ද සමන්විත මෙම හෝටලයේ එක් රැයක් ගත කිරීමට අවමය රුපියල් ලක්ෂ දෙකේ සිට උපරිමය මිලියන ගණනක් දක්වා වූ කාමර තිබෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු කන්ඩායම ගත කළ කාලයේ දී, හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව මේ වනවිට වාර්තාවේ. දළවශයෙන් සැලකීමේදී ගත කළ දින 28 න් එක්දිනක් සඳහා රුපියල් ලක්ෂ 47 ක් පමණ වැයවී ඇත.
හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක (ලක්ෂ 670 ) මුදල ගෙවා ඇත්තේ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් බව අද විද්‍යුත් මාධ්‍ය වාර්තාකර තිබේ.
ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපතිවරයා සමග පවතින සමීප සම්බන්ධය මත මෙම මුදල ඔහු ගෙවාදමන්නට ඇතැයි විශ්වාස කෙරේ.



සිංගප්පූරුවෙන් පසුව තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා එරට හෝටලයකද මේ වනවිට නැවතී ඇති අතර එහි දින 90 ක් කාලය ගතකරද්දී, බිල්පත කෙතරම් වේදැයි පසුව ගණන් බලනු ඇත.
එරට පිහිටි ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට යාමට, තායිලන්ත රජයෙන් රාජපක්ෂ මහතා අවසර ඉල්ලා ඇති බවත්, මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී නොමැති බවත් වාර්තා වේ. හෝටලයේ අඩස්සියේ රැඳී සිටින ලෙසත් කිසිම අවස්ථාවක පිටතට නොයන ලෙසත් ඔහුට එරට රජයෙන් උපදෙස් දුන් බව බැංකොක් පෝස්ට් වාර්තා කර තිබුණි.
පහත පළවන්නේ, ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ කාලය ගත කළ හෝටලයේ ඇතුළත හා පිටත දර්ශනයි.