
සම්මානනීය ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න අද (28) ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වී තිබෙයි.කලක් තිස්සේ අසනීප තත්වයකින් පසු වූ ඔහු මියයනවිට 78 වන වියෙහි පසුවිය.
මෙරට බිහිවූ විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු වන ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් ධර්මසේන පතිරාජ වසන්ත ඔබේසේකර සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ වූ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.
ඔහු අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2 ට පමණ මියගියේය. අවසන් කාලයේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් විය.චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළ ඩොනල්ඩ් සරසවිය, ස්වර්ණ සංඛ ,ජනාධිපති, ඕසීඅයිසී ,ඇතුළු මෙරට සියලුම ආකාර සම්මාන වලින් පිදුම් ලැබූ අති විශිෂ්ට කැමරා ශිල්පියෙකි.
19 වතාවක් විවිධ ආකාරයේ කැමරාකරණ සම්මාන ඔහු ලබා ඇති අතර එය ලංකාවේ වාර්තාවකි.
ඔහු පසුගිය ජනාධිපති සම්මාන උළෙලේ විශේෂ අභිනන්දන උපහාරයකින් 2017 වසරේදී පිදුම් ලබා තිබෙයි. “අහස් ගව්ව”, “ගඟ අද්දර”, “කරුමක්කාරයෝ”, “යහළු යෙහෙළි”, “මලට නොඑන බඹරු”, “දඩයම”, “මායා”, “ක්‍රිස්තු චරිතය”, “පොරොන්දුව” වැනි විශිෂ්ට චිත්‍රපට ගණනාවකම කැමරාව මෙහෙයවුයේ ඔහු විසිනි.
මියගිය ඩොනල්ඩ් කරුණාරත්නගේ අවසන් කටයුතු ඇමරිකාවේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර දී පැවැත්වීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval