
මහනුවර පේරාදෙණිය නගරයේ පාලම මතින් මහවැලි ගඟට පැන පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.
පොලීසිය පැවසුවේ එම පුද්ගලයා ගඟට පනින ලද ස්ථානයේ තිබී ගමන් මල්ලක් හමු වු බවය.
එහි තිබේ ජාතික හැඳුනුම්පතක්, විශ්වවිද්‍යාල හැඳුනුම්පතක්, ලැප්ටොප් එකක්, බැංකු කාඩ් පත් 2ක්, විභාග ප්‍රවේශ පත්‍රයක්, මුදල් පසුම්බියක් පාවහන් යුගළක් සොයාගෙන ඇත.
ඒ අනුව, මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුළුගහපිටිය, ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් වන අයෙකු බවට අනාවරණය වී තිබේ.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින්, නාවික හමුදා ජීවිතාක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටී.
පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval