
පවතින කොවිඩ් වයිරසයෙන් කුඩා දරුවන් ආරක්ෂාකර ගැනීමට හොඳම දේ මව්කිරි ලබා දීම බව පවුල් සෞඛ්‍ය කාර්යංශයෙ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.
ඊයේ (4) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දරුවන්ට මව්කිරි ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
මව්කිරි ලබා දීම සම්බන්ධයෙන් විවිධාකාරයෙන් වැරදි මත ප්‍රචාරය වන බවත් මව්කිරි ලබා දීමෙන් කිසිදු ආකාරයකට මවට හානියක් සිදු නොවන බවද ඇය අවධාරණය කළාය.
කුඩා කල සිට දරුවාට වසර දෙකක කාලයක් යනතුරු අනිවාර්යෙන් මව්කිරි ලබාදිය යුතු බවත් මෙමගින් දරුවාගේ ස්ථුලභාවය අඩු කිරීම මෙන්ම දියවැඩියාව,රුධිර පීඩනය ,පිළිකා වැනි රෝගවලින් ආරක්ෂා කිරීම සිදුකරන බවද අධ්‍යක්ෂවරිය මෙහිදී කියා සිටියාය.
එසේම මව්කිරි ලබාදීම තුළින් මවද පියයුරු පිළිකා සෑදිමෙන් මෙන්ම ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා සෑදීමෙන් වැලකෙන බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
වරුණි පෙරමුණ
Comments
Post a Comment
Your comment will be visible after approval