ukrain-president

රුසියාවේ යුක්රේන ආක්‍රමණය වළක්වමින් දෙපාර්ශ්වය අතර යුද ගැටුම් නැවැත්වීම සඳහා මැදිහත් වන ලෙස යුරි ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි චීන ජනාධිපති ෂි ජින්පිංගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. හොංකොහිදී ප්‍රකාශයට පත්කෙරන සවුත් චයිනා මොර්නිං පෝස්ට්  පුවත්පත වෙත Zoom හරහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් යුක්රේන ජනපතිවරයා මේ බව පවසා තිබේ.  ඒ අනුව රුසියාව වෙත දේශපාලනික සහ ආර්ථික වශයෙන් එල්ල කළ හැකි බලපෑම උපයෝගී කරගනිමින් මෙම යුද ගැටුම් නැවැත්වීම සදහා චීනයට රුසියාවත් සමග සාජුසාකච්ඡා සිදුකළ හැකි බව යුක්රේන ජනපතිවරයාගේ අදහස වී තිබේ.



"මම කැමතියි සෘජු සාකච්ඡාවකට යන්න. මීට වසරකට පමණ පෙරාතුව මම චීන ජනපතිවරයා සමග කතාබහක නියලී තිඛෙනවා. රුසියාවේ ආක්‍රමණය ආරම්භ වූපසුගිය පෙබරවාරී 24සිටි අවස්ථා කිහිපයකදිම අපි සාකච්ඡාවක් සදහා යෝජනා කර තිඛෙනවා. නමුත් මේ දක්වා අපි චීනයත් සමග මේ ගැන කතා කරලා නෑ. නමුත් මම විශ්වාස කරනවා, චිනයේ මදිහත්වීමක්උදව්වක් වේවී කියලා." යනුවෙන්ද යුක්රේන ජනපති මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට මාස හයකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක මෙම යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට යුක්රේන සිවිල් වැසියන් 5,327දෙනකුට ආසන්න පිරිසක් මියගොස් තිබෙන අතර, තවත් මිලියන 12කට අධික පිරිසක් අවතැන් තත්වයට පත්ව සිටියි.



චීනය සහ රුසියාව දශක ගණිනාවක් පුරා දේශපාලන සහ ආර්ථික වශයෙන් සම්පතම මිතුරන් වන අතර, මේ හේතුව නිසාම බටහිර රටවල දඩි විරෝධයටද ලක්ව සිටියි. එසේම රුසියාවේ යුක්රේන ආක්‍රමණිය සම්බන්ධයෙන් මීට පෙර සිය ස්ථාවරය ප්‍රකාශ කළ චීනයද එය බටහිර ප්‍රමුඛ රටවල් යුක්රේනය යොදාගනිමින් සිදුකළ රුසියාව ප්‍රකෝපගැන්විමේ| අවස්ථාවක ප්‍රතිපලයක් බවටද සදහන් කර තිබුණි.