cooker-beruwala-mother-son

ආහාර පිසීමට විදුලි උදුන භාවිතා කළැයි උරණ වූ 31 හැවිරිදි පුතකු තම 75 හැවිරිදි මවට පහරදී ඇතැයි බේරුවල පොලිසිය කියයි. බේරුවල මහගොඩ ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියට මුහුණ පෑ මව සිදරු මවක වන අතර 

පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මවට පහර දුන් බව කියන ඇයගේ 31 හැවිරිදි සැකකාර පුත්‍රයකු බේරුවල පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කළුතර නාගොඩ රෝහලට ගිය බේරුවල පොලිසියේ නිලධාරියකුට ප්‍රතිකාර ලබමින් සිටින එම කාන්තාව පවසා ඇත්තේ නිවසේ විදුලි බිල ගෙවා දමන්නේ තමන් බවත් නිවසේ විදුලිය වැයවීම සම්බන්ධයෙන් තමන්ට පහර දීමට එය හේතුවක් නොවන බවත්ය. අත්අඩංගුවට ගත් සැකකාර (31) හැවිරිදි පුත්‍රයා ඊයේ (3) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.


-තුසිත කුමාර ද සිල්වා-