
15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපයෝජනය සිදු කිරිමට ආධාර අනුබල දීම සම්බන්ධ සැකකරුගේ මව, ලොකු අම්මා සහ පුංචි අම්මා පෙරේදා (02දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා (31) අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතා බව කියන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි බවද පොලිසිය කියයි. ගල්කිරියාගම කළුආරච්චියාගම ප්‍රදේශයේ පදිංවි සිටි බාලවයස්කාර පාසල් සිසුවියක මෙසේ අපයෝජනයට ලක්ව ඇති බවද පොලිසිය කියයි. වින්දිත දැරියගේ පියා දැරිය කුඩා කාලයේදීම නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව දැරිමව සමග ජීවත්ව සිටියදී මෙම සිද්ධියට මුහුණපා ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
මෙම අතුරුදන්වූ තම දැරිය සොයාදෙන ලෙසට පොලීසියට බලකරමින් මීට දින කීපයකට පෙර ගල්කිරියාගම ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැනකට නැග, උපවාසයක නිරත වූයේදැරිය කුඩා කාලයේදීම නිවසින් පිටව ගිය එම පියා බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. ගල්කිරියාගම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.සී. රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවා ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.
(අනුරාධපුර - බී.ජී චතුරංග)
Comments
Post a Comment
Your comment will be visible after approval