champika-ranawaka-speaks

 ඊයේ 10 වැනිදා කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බවත් එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පවත්නා අකාර්යක්ෂමතාවය කෙරෙහි සැලකිල්ලක් නොදක්වමින් මණ්ඩලයේ දුර්වලතා කෙළින්ම ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියාකර තිබෙන බවත් 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය. ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

"ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා සමස්තයක් හැටියට සියයට අනුපහකින් පමණ විදුලි බිල වැඩි වෙලා. ඒකක තිහට අඩු ඒ කියන්නේ ඉතාමත්ම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන කණ්ඩායම් සඳහා සියයට විසි හතරකින් පමණ වැඩි වෙලා තියෙනවා. වසර දහයකින් පමණ විදුලි බිල වැඩි වෙලා නැහැ. විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා පාඩු ලබන බව ඇත්තක්. නමුත් මේ සඳහා මහජන උපයෝගිතා කොමිසම රැස් කරපු අවස්ථාවේදීත් මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ මිල වැඩිවීම තීරණය කිරීමේදී සමාජ සාධාරණත්වයේ මූලධර්ම පාවිච්චි කරන්න කියලා.

ඒ කියන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය මේ සමාජයට කරන්නේ ලොකු සේවයක්. අද තියෙන විදුලි ඉල්ලුමත් එක්ක බැලුවහම වැඩි ඉල්ලුම තියෙන අය පාලනය වෙන විදියට වැඩි ඉල්ලුම තියෙන අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන්න කියන එක.

අද ආර්ථික අර්බුදය හමුවේ විදුලි ඉල්ලුම ඉතා බරපතළ විදිහට කඩා වැටිලා තියෙනවා. ඇත්තටම මේ වර්ෂා සහගත තත්ත්වයත් එක්ක ගල් අඟුරු සහ ජල විදුලියෙන් පමණක් විදුලි සැපයුම ලබා දෙන්න පුළුවන්. සියයට විස්සත් විසි පහත් අතර ප්‍රමාණයකින් විදුලි ඉල්ලීමේ කඩාවැටීමක් අපිට පේන්න තියෙනවා. ඒ කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ඇතිව තියෙන ආර්ථික ගරා වැටීම. දැන් මේ විදිහට මේ කර්මාන්ත සඳහා සියයට අසූහයකින් විදුලි බිල වැඩි කළාට පස්සේ ඒ ක්ෂේත්‍රවලට ඉතාම බරපතළ ප්‍රශ්නයක් උද්ගත වනවාට සැකයක් නැහැ. ඉතින් ඒ නිසා මේ පවතින ආර්ථික තත්වය හමුවේ ඒක එච්චර යුක්ති සහගත තත්වයක් වෙන්නේ නැහැ.

අපේ පිරිපහදුව වැඩ කරන්නේ නැහැ.

ඉතින් පිරිපහදුව වැඩ කරන්නේ නැත්නම් අතිකාල දීමනා ලබාදීම වැරදි වැඩක්. එතකොට අනිත් ඒ පැත්තෙන් අයිඕසී සමාගම ලාභ ලැබුවයි කිව්වට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුවේ ආයතන පොලු තියලා තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය කළමනාකරණයත් පසුගිය වසරවල නොකරපු නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධික විදිහට ණය වෙලා. ඒ ණයවලට ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් තෙල් මිලදී ගැනීමේදී සියයට එකසිය විස්සක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. අති විශාල පාරිතෝෂික, ගෙවන්න වෙලා තියෙනවා තෙල්වලට. මණ්ඩලයේ දුර්වලතා ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියා කළා“