bus-strike-called-off

පෞද්ගලික බස්රථ හිමියන් අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර ඇත.
ඉන්ධන ගැටලුවක් මුල කරගෙන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.


ඒ අනුව බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කර තිබේ. වාර්තාවන පරිදි ඩීසල් ලීටර40 ක් නොව ‘ෆුල් ටෑන්ක්‘ සතියකට ලබාදීමට බලධාරීන් එකඟවී ඇත.

පෞද්ගලික බස් රථ සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ අතර සියයට 11 යි දශම 1 යි 4 කින් බස් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීම නොකියා සිදු කිරීම ගැනද ඔවුනගේ විරෝධය පළවී තිබුණි.

ගැමුණු විජේරත්න සභාපතිත්වය දරණ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට සහය පළ කරේ නැත.