august-6-7-no-power-cut

අගොස්තු 06 -07 සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
සති කිහිපයකට පසු ජල විදුලි උත්පාදනයේ ඉහළ යාමක් සිදුවී තිබීම මත ඉන්ධන රහිතව විදුලිය ජලයෙන් ලබාදීමට ලැබුණ අවස්ථාව වැඩිවී ඇත.පසුගිය කාල සීමාවේ ජල විදුලිය නිෂ්පාදනය කෙරුණේ 40%ක පමණ ප්‍රමාණයක් වන අතර


පෙරේදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් 57.17%ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා තිබෙන බව වාර්තා විය.
 විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට සැලකිව යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදු කාලසීමාව තවදුරටත් අවම කිරීමට හැකියාව ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.