budget-speech-text-ranil

රජයේ වියදම් වසරේ ඉදිරි මාස හතර සඳහා ඉහළ නැංවීමේ අරමුණික් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද අතුරු අයවැය නව යෝජනා පහත පරිදිය.


  •  එකතු කළ අගය මත වන බද්ද (වැට් බද්ද) ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට සීයට 12 සිට 15 දක්වා වැඩි කෙරේ.
  • වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර බදු අයකරගැනීමට අපේක්ෂා කෙරේ.
  • පසුගිය කාල සීමාවේදී හඳුන්වා දුන් බදු යෝජනා රැසක් ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට බලාත්මක කෙරේ.
  •  2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.
  • * රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.
  •  ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා පොසිල ඉන්ධන මත ධාවනය වන වාහන මිලදී නොගනු ලබන අතර ඉලෙක්ට්‍රික් වාහන පමණක් මිලදී ගැනීමට තීරණය කර ඇත.
  •  රජයේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳව පුළුල් අධ්‍යනයක් සිදුකරන අතර ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා මෙන්ම ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු දේපළ
  • හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, වාහන, ඉඩම් ඇතුළු නිෂ්චල හා චංචල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කරනු ඇත.
  • ආදායම් උත්පාදනය කිරීම වෙනුවෙන් වූ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රා දේශීය සභා කිහිපයක් ආසන්නයේ ඇති මහ නගර සභා සමග ඒකාබද්ධ කිරීමට පියවර ගනු ඇත.
  • පළාත්පාලන ආයතන ආදායම් උත්පාදනය කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව ලබන වසරේ සිට ක්‍රියාත්මක කළ යුතුය.

  • රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල් වරයෙකු පත් කරනවා
  • වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා.
  • ශ්‍රී ලංකා ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන සැලකිය යුතු පාඩු ලබමින් සිටිනවා.මේවා රාජ්‍ය බැංකුවලට විශාල ණය ගෙවිය යුතුව තිබෙනවා.
  • ඒ නිසා රජය සතු වාණිජ විවසාය ප්රතිව්යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රති වූහ ගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන්කිරීමට යෝජනා කරනවා.
  • භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර‍ දෙනවා.
  • ගැබිණි මව්වරුන් සදහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක අමතර දීමනාවක් පිරිනමමි.
  • ආහාර සුරක්ෂිත පවුල් 60ක් දාහක් සිටිනවා ඉදිරි මාස 4 සඳහා එවැනි පවුලකට මසකට රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කරනවා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46600 ක මුදලක් වෙන් කරනවා
  • රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන වෙත හිමි කරදෙමි
  • කුඹුරු හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩුවෙන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ගොවි ණය පොලිය හැර කපා හැරීමට කටයුතු කරනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 350ක් 350ක් වෙන් කරනවා.
  • රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන්කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබාදීමට ලබා දීමට කටයුතු කරන වා. රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනවා
  • කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට යෝජනා කරනවා
  • එතෙර ශ්‍රී ලාංකිකයින් සදහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් ද පිහිටුවනවා.
  • විදුලි පාපැදි කර්මාන්තය දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බදු සහන ලබාදීමට යෝජනා කරනවා.
     
    - අය වැය අවසන් -