
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා රටවල් 35ක් සඳහා මාස 6ක කාලයක් රැඳී සිටින වසර 5ක බහු ප්‍රවේශ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ මාස 6ක (පෙර දින 30ක) රැඳී සිටින වසර 1ක බහු ප්‍රවේශ සහ තනි පිවිසුම් සංචාරක වීසාවලට අමතරව මෙම තීරණය ගෙන ඇති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval